Wednesday, June 9, 2010

ටයිම්ස් නිව් රෝමන්...


මේක උනේ අපි ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලෙ... දන්නවනේ ඉතින් ලෙචාලට නින්ද යන්නේ නෑ නෙ අසයිමන්ට් තුන හතරක් අපිට දුන්නේ නැත්තං..

ඔන්න ඔය වගේ අර කට්ටිය එකතු වෙලා කරන්න තියෙන අසයිමන්ට් එකක් (ගෘප් අසයිමන්ට්) සෙට් උනා කරන්න..
මගේ ගෘප් එකේ හිටියේ රිකියයි, හිරානයයි, මායි (තව හිටපු උන් මතක නෑ.. කතාවට ප්ලග් වෙච්ච උන් විතරයි මතක..හික් )..

දැන් ඕකට තිබ්බ හෙන රිපොර්ට් එකක් හදන්න.. දන්නා පල් හෑලි ඔක්කොම ලියල ලියල දැන් රිපෝර්ට් එකේ අන්තිම හරිය..
අපි තුන් දෙන සෙට් වෙලා දැන් index  එක හදනවා (ඔය index එකට ඉංග්‍රීසියෙන් කියන්නේ පටුන ද කොහෙද නෙ..සිංහල බැරි උන්ට ඔන්න කඩ්ඩෙන් කිව්ව...)

රිකිය එක පාරටම කියපි මෙහෙම.. "මචං..අපි index එක Times New Roman වලින් දාමු නේද......" (ඔය Times New Roman කිව්වේ Font එකක් විත්තිය දන්නවනේ මේක බලන උදවිය?)
මායි හිරානයයි බැලුව..යකෝ මුළු රිපෝර්ට් එකම ලිව්වේ ඒ මගුලෙන් නේන්නම්.. ඕක අමුතුවෙන් කියන්න ඕනය..
මොකද අපිට කොහොමත් රිපෝර්ට් ලියනකොට වෙන ෆොන්ට් එකක් පාවිච්චි කරන්න බෑ.....කිලි අහුවෙනවා...
ලේචා ල අපිව මරාගෙන කන්න හදනවා එහෙම උනොත් "යකෝ තොපිට කඩ්ඩ බැරිද? තොපිට ඩිග්‍රිය පටන් ගත්ත දවසෙම කිව්ව නේද රිපෝර්ට් ලියන්න ඕනේ Times New Roman වලින් කියල?"

ඉතින් මායි හිරානයයි බැලුව මොකක්ද කියල මූ මේ කියන හරුපේ..

බැලින්නම් මොකක්ද දන්නවද මූ කියල තියෙන්නේ.. මූ "Times New Roman" කියල තියෙන්නේ රෝම ඉලක්කං කියන එක..
ඒ කියන්නේ (i, ii, iii, iv...වගේ ඒවා)
මූ කියන්න ට්‍රයි කරල තියෙන්නේ පටුනේ අංක ටික රෝම ඉලක්කං වලින් දාමු කියන එක..

පව් කලබලේට කියවුනේ වෙන එකක්..

ඕව නම් මොනාද නේද බීෆ් පෝක් වගේ ඒවා එක්ක තිබ්බම.. :P

3 comments:

  1. හරි හරි ඔයා අයියා මම මල්ලී :) මම හසිත මල්ලී...............

    ReplyDelete
  2. ආහ.. හසිත මල්ලි.. කුක්ක ට උන ඇබැද්දිය බැලුවද?

    ReplyDelete
  3. හික්ස් ... පට්ට ආතල් එක ...

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails