Wednesday, June 9, 2010

බීෆ්, පෝක්....එට්සෙට්‍රා



අද බ්ලොග් කියව කියව ඉන්නකොට අහම්බෙන් වගේ අන්තිම පේලිය බ්ලොග් එක හම්බුනා.. බ්ලොග් කිව්වට දැන් නම් එක ඩොට් නෙට් සයිට් එකක්..

ඒකෙත් මරු කතා තියෙනවා ඈ...

එකේ තිබුන බීෆ් පෝක් කතාව ඇහුවම මටත් මතක් උනා ඔය වගේ බීෆ් පෝක් කතාවක්...

අපේ ජොකියෙක් ඉන්නවා මිනිහගේ නම නම් කමල්.. හැබැයි අපි තව මිනිහට වාසගමකුත් ඇඩ් කරලා "කමල් කාන්" කියල තමයි කියන්නේ..

"කමල් ඛාන්" නෙවෙයි... "කමල් කාන්" .... "කාන්".. හරිනේ?

මිනිහ කාලයක් වැඩ කලා රෙස්ටුරන්ට් එකක.. රෙස්ටුරන්ට් එකක් වැඩ කලාට මොකද මිනිහ චාර්ටඩ් එහෙම පාස් ඩයල් එක.. දැන් නම් හොඳ ජොබ් එකක් කරනවා..
ජොබක් හම්බෙනකන් ඔය අපි වගේ වාත වේවි ඉන්නේ නැතුව මිනිහ රෙස්ටුරන්ට් එකේ වැඩට ගියා..

ඉතින් දවසක් මෑන් සෙට් උන වෙලාවක සිද්ද වෙච්ච දෙයක් තමයි කියන්න යන්නේ..

මේක දෙබසක් විදියටම දාන්නම්කො..එතකොට ලේසි..

කාන් : "වැඩක් නෑ බන්.. ඊයේ රෑත් හරියට කෑමක් නෑ.. රෙස්ටුරන්ට් එකේ රෑ ඉතුරු වෙලා තිබුනේ බීෆ් විතරයි බන්.. මම ඉතින් ඌරු මස් කන්නේ නෑ නේ..ඉතින් මම බඩගින්නේ"

දැන් සීන් එකට අපි හැමෝටම මැරෙන්න හිනා.. මොකද මිනිහ ඒක කිව්වේ සිරාවට.. ජෝක් එකකට එහෙම නෙවෙයි..

මෙතන හිටිය තව ජොකියෙක්.... මිනිහට තමයි සෙට් එකෙන් වැඩියෙන්ම මේ සීන් එකට හිනා ගියේ.. පොර හිනා වෙලා හිනා වෙලා මෙන්න මෙහෙම කිව්ව...

"ඉදකින්........ යකෝ කඩ්ඩ දන්නේ නැත්තන් මං වගේ කට පියන් හිටපන්.. බීෆ් කියන්නේ ඌරු මස් නෙවෙයි හරකො එළු මස් "

---------------
ප:ලි:- තේරුනේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නෑ.. කාන් හම්බෙලා අහගන්න..

7 comments:

  1. කමල් කාන් නෙමෙයි කමල් කන්නා කියලා නම දැම්මා නම් හරි

    ReplyDelete
  2. @හසිත : හෙහෙ.. ඔව් පස්සේ එකත් ටෙස්ට් කරලා බැලුව.. හැබැයි නැගල ගියේ අර පරණ නමම තමයි :D

    @ගයන්ත : :D

    ReplyDelete
  3. අනේ මන්දා!!! :D කමල් කාන් වැඩේ කාගෙන!!! :D

    ReplyDelete
  4. හික් හික් හික් පිස්සු ආතල්

    ReplyDelete
  5. පදිරි සීන් එක .. ලොල්

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails