Friday, June 4, 2010

අයිෆා...


ඊයේ අයිෆා පටන් ගත්තනෙ.. අමිතාබ් ලොක්කයි එයාගේ පවුලයි ශාරුක් ලොක්කයි එන්නේ නෑ ලු නේ..
මේකට හොඳ කතාවක් කියල තිබුන අයිෆා එකේ සංවිධායක මහත්තයෙක්....

"අපිට කවුරුවත් එන්නේ නැති එක ගැන මුකුත් කියන්න බෑ... එන අයට අපි උපරිමෙන්ම සලකනවා" කියල

එක තමයි වෙන්න ඕනේ.. කොහොමත් ඔය දකුණු ඉන්දියාවේ අය කෑ ගැහුවට "අපි නම් ලංකාවට යන්නේ නෑ" කියල, දකුණු ඉන්දියාවේ නළුවොන්ට නිළියන්ට කවදාවත් අයිෆා එකට ආරාධනා කරන්නේ නෑ..

අනික ඉතින් අපිට ඔය කවුරුත් ලොකු නෑ...විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ කට්ටිය නම් කොහෙත්ම වැඩක් නෑ...

මතකයි නේ යුද්දේ යන කාලේ අපේ හමුදාවටයි රටටයි විරුද්ධව වැඩ කලා...

හැබැයි සල්මන් ලොක්කයි, විවේක් ලොක්කයි දීල තිබ්බ ටෝක්ස් ටිකක්  දකුණු ඉන්දියාවේ උන්ගේ කනේ ඇඟිලි ගහගන්න..
ඒකට මගේ ආචාරය!!
විවේක් ලොක්ක කියල තිබුන අයිෆ කියන්නේ සතුරුකම් නෙවෙයි මිතුරුකම් වැඩි කරගන්න හදන පාලමක් කියල..

ඇත්ත කතාව නේ.. :) :)

කොහොම උනත් අයිෆා කියන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයට ගොඩක් වැදගත් වෙන දෙයක්...
ආපු කලාකාරයෝ ඔක්කොම නැති උනත් කීප දෙනෙක් හරි අපේ රට වටේ සංචාරය කරන්න එක්ක ගිය නම් මේක තවත් සාර්ථක කරගන්න තිබුන  කියලයි මම නම් හිතන්නේ..

කොහොම උනත් මෙහෙම හරි කරන එක ගැන නම් ගොඩක් සතුටුයි.. රන්මිණිතැන්න බලන්න කට්ටිය යනවලු නේ.. එකත් මදැයි.. හික් හික්..

එත් ඉතින් මට මේකට යන්න වෙන්නේ නැති එක ගැන නම් දුකයි :(

No comments:

Post a Comment

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails