Thursday, June 3, 2010

The ට්‍රිප්...



බැච් ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙනවා කට්ටිය...
හැමදාම එක දවසේ ට්‍රිප් ගිය නිසා මේ පාරවත් දවස් දෙකක් යන්න හිතුවේ.. කොහෙද.. මේ කෙල්ලෝ එක්ක කරන්න බෑ නේ..
කතා කරලා කතා කරලා ඔන්න එක දවසේ ට්‍රිප් එකක් යන්න දාගත්ත ජුලි 14 වෙනිදා..
කිතුල්ගල යන්න තමයි හිතන් ඉන්නේ.. බෙලි ලෙන උනත් බලන්න බැරිය...

------

අපේ ගැන්සියේ ට්‍රිප් එකත් යන්න ඉන්නේ පොසොන් පෝයට.. එක නම් දවස් 4 ක ට්‍රිප් එකක්..
මේ පාර රිවස්ටන් (මාතලේ) යන්න තමයි හිතන් ඉන්නේ.. පුළුවන් උනොත් බදුල්ලෙත් යනවා..
මේ ට්‍රිප් එක නම් අනිවා අවුරුද්දකට සැරයක් යනව... අපි මේ ට්‍රිප් එකට නම දාල තියෙන්නේ "The ට්‍රිප්" කියල..
හෙහෙ.. මොකද ඒක ඒ තරමට සිරා නිසා.. මේ ගැන්සියේ ඉන්නේ ඉස්කෝලේ කාලේ යාළුවො..
අපේ කුක්ක ත් මේ ගැන්සියෙමනේ..

රිවස්ටන් හරියේ ලාබෙට නවතින තැනක් තමයි තාම හම්බුනේ නැත්තෙ...

හැබැයි කොහොම හරි ස්ටේෂන් එකේ නිදාගන්න හරි යනව.. ආහ් හුටා! මාතලේ කොහෙද ස්ටේෂන් :D :D

6 comments:

  1. හරි ගිහින් ඇවිත් ලියපන්කෝ විස්තරේ

    ReplyDelete
  2. අනිවා ලියනවා.. මුලින්ම රිප්ලයි කලාට ස්තුතී..

    ReplyDelete
  3. රිවස්ටන් පට්ටම පට්ට පැත්තක්. රිවස්ටන් පැත්තේ නවතින්න තැන අඩුයි.

    අපිත් එක පාරක් ගියා මාතලේ Scouting Camp එකකට ගිය වෙලේ. අපිත් හිටියෙත් bungalow එකක. ඒක ඉස්සර අයිති වෙලා තිබ්බේ සර් ජෝන් කොතලාවලටලු. ඉතින් ඉස්කෝලේ නම නිසාත් අයිතිකාරයා අපේ old boy කෙනෙක් නිසාත් අඩු ගාණකට ෂේප් කරගන්න පුලුවන් වුණා.

    ReplyDelete
  4. ඔව් මමත් ඒ බංගලාව ගැන අහල තියෙනවා.. දැන් අපි බලන්නේ මාතලේ කොහේ හරි නැවතිලා රිවස්ටන් යන්න කියල..

    ReplyDelete
  5. ඇයි මාතලේ ස්ටේෂන් එකක් තියෙන්නෙ?

    ReplyDelete
  6. ඔව් නේ.. එක දැනගත්තේ පස්සේ.. බ්ලොග් එක එඩිට් කරන එක හරි නැති නිසා ඔහොමම තියෙන්නේ ඇරිය..

    එකත් ජෝක් එකක් කියල හිත ගන්නකො :D :D

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails