Wednesday, June 16, 2010

කෑම නාස්තිය හා එදා වේල නැති වීම...


 අද නම් කම්මැලි දවසක් වගේ.. ඊයේ ෆන් ගත්ත ඒවටත් එක්ක අද කම්මැලි කමේ ඉන්න වෙන ලයින් එකක් තියෙන්නේ..

කොහොමත් ඉතින් හැමදාම නත්තල් නෑ කියල කතාවකුත් තියෙනවනෙ....

හප්පා ඊයේ හවස නම් ෆන් ගත්ත එකමයි කලේ.. කාලෙකින් හම්බුනේ නැති යාලුවෙක් හම්බෙන්න ගියා..
එයා ඉන්දියා ඉඳල මෙහෙ ඇවිල්ල ටිකක් කල් වෙනවා.. එත් හම්බෙන්න යන්න බැරි උනා.. ඔන්න කොහොම හරි ඊයේ හවස යන්තන් හම්බුනා..

ඒ කෙල්ල නම් පිස්සු විකාරයක්.. මාත් එක්ක තව යාලුවෝ දෙන්නෙක් ගියා එයාව හම්බෙන්න.. පාරේ යන එන මිනිස්සු හිටන් බලනවා මුන් හතර දෙනාට පිස්සු ද කියල.. හෙහෙ... ඇයි ඉතින් කෑ ගගහ නේ පාරෙ යන්නෙත්!!!

පස්සේ රැ කුක්ක එක්ක ගියා අර නයිට් ලන්ච් එකට  :P

බඩ පැලෙන්න කාල කාල  අද උදේට  කෑවෙත් හරි අමාරුවෙන්.. :D

මිනිස්සු කොච්චර කෑම නාස්ති කරනවද කියල මම ඊයේ තේරුම් ගත්ත..
ඒ හොටෙල් එකේ බුෆේ එකක් තිබුනේ... කොහොම හරි රැ 10 වෙනකොටත් එකේ කෑම තොගයක්ම ඉතුරුයි (දන්නවනේ ඉතින් කෑම කිව්වම කෑම සාගරයක්ම තියෙනවනෙ)

අර ඔක්කොම ඉතුරු කෑම ටික අපරාදේ.... ඒවා කාටවත් දෙන්නෙත් නෑ ලු හොටෙල් එකේ තත්වේ (standards) තියාගන්න ඕනේ නිසා... අනේ මගේ කට!

එදා වෙලා කන්න නැති මිනිස්සු ඉන්න රටේ මුන්ට standards නිසා ඒ කෑම කාටවත් දෙන්න බෑලු...

එච්චර කෑම තොගයක් විසි කරනවා කියන්නේ නම් හෙන ගහන අපරාදයක්... මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවනම් හොඳයි ඒ කෑම අසරණ මිනිස්සුන්ට බෙදල දෙන්න..

අපි උනත් කොච්චර නම් කෑම නාස්ති කරනවද.. කන්න ඕනේ ගානට බෙදා ගන්නේ නැතුව පෙරේත කමට ඔහේ බෙදාගෙන කනවා..

අන්තිමට කෑම තොගයක් ඉතුරු වෙනවා.. මේක ගොඩක් ම වෙන්නේ විවාහ වගේ උත්සව අවස්ථාවන් වලදී..

මට ආරංචියක් ආව උත්සව වලදී ඉතුරු වෙන කෑම එකතු කරගන්න ආයතනයක් තියෙනවා කියල.. එකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..
හැබැයි එහෙම එකක් තියෙනවනම් එක ලොකු දෙයක්..

ඔය කලින් කිව්ව මහා ලොකු හොටෙල් වලත් ඉතුරු වෙන කෑම එකතු කරගන්න ඒ වගේ විදියක් තියෙනවනම් හොදයි..

බිලීව් මී ඔර් නොට් මෙයාල.. උත්සවයක ඉතුරු වෙන කෑම වගේ දෙගුණයක් ඊයේ රැ හොටෙල් එකේ ඉතුරු උනා...

6 comments:

  1. ඕක හැමතැනම ඔහොමයි සහෝ!! ඕක නැතිකරන්න හරිම අමාරුයි.

    ReplyDelete
  2. කොතනත් ඔහොම තමා......
    ඊටත් ගෙදරක උනත් මහා පරිමානෙන් නැති උනාට ටිකක් බැලුවොත් සැළකිය යුතු ප්‍රමාණයක් විසික් කරනව......

    ReplyDelete
  3. ඇත්ත කතාව හා පැටික්කි..

    ReplyDelete
  4. ඇත්ත කතාව.. අහක දාන ඔය කැම ටික අසරන මිනිස්සුන්ට දුන්න නම් කොච්චර දෙයක් ද,, කෙහෙල් මල් තත්වේ,,
    මොලේ තිබ්බාට ඇතුල බොල්...

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails