Thursday, June 17, 2010

පිපෙට්ටුවා....


"ඉස්සර වගේ නෙවෙයි බන්.. දැන් උඹ හෙන සීරියස් වෙලා නේ ?" බ්ලොග් එක බලල සමහරු ඊයේ එහෙම කිව්වා..
හේතුව මොකද ඇහුවම.. "දැන් බලපන් මුලින් උඹ ෆන් ඒවා ලියල ලියල.. දැන් හෙන සීරියස් ඒවා ලියන්න පටන් අරගෙන..."

මේ කියන්නේ අර කෑම විසි කරන කතාව ගැනයි, අංජනා ගැන ලියපු එක ගැනයි වෙන්න ඇති..

එත් ඉතින්  ජිවිතේ ෆන් එකේ ඉඳල විතරක් බෑ නේ.. නේද? සීරියස් වෙන්නත් ඕනේ ටිකක් (අනිත් අයගේ වර්ශන්එක)
මම නම් කොහොමත් සීරියස් කෙනෙක් නෙවෙයි..  (මගේ වර්ශන් එක)
මම ඉතින් ඔය හිතට ආපු දේ ඔහේ ලියල දානවා... එක ෆන් එකක්ද සීරියස් එකක්ද කියල හොයන්නේ නෑ..

ඔන්න අද එහෙනම් ෆන් කතාවක් ලියන්නම්කො...
------

ඉස්කෝලේ මගේ යාලුවෙක් හිටිය මිනිහගේ නම රසික.. මිනිහට උන ඇබැද්දියක් තමයි අද කියන්න යන්නේ..

ඕ ලෙවල් ඉවර වෙලා ගෙදර තැපල තැපල ඔන්න යන්තන් ඉස්කෝලේ පටන් ගත්ත ඒ ලෙවල් වලට....

දන්නැද්ද ඉතින් ඒ ලෙවල් වල මුල්ම දවස... ගුරුවරු ඇවිල්ල..... "ඒ ලෙවල් කියන්නේ මාර එකක්.. මාර කියන්නේ මාරම එකක්.. ඒක මේ ලේසියෙන් කරන්න බෑ.. එට්සෙට්‍රා..එට්සෙට්‍රා " කියල කියන දවසනේ..

ඔන්න 3 වෙනි පීරියඩ් එකේ තිබුනේ ඉංග්‍රීසි..... ඉංග්‍රීසි කරන සර් ඇවිල්ල "ගුඩ් මෝර්නින්" කියල එහෙම, මෙන්න මෙහෙම කිව්වා..

" First of all you all have to introduce yourselves.. So please come forward and say something about you, your family, your ambition..etc"

දැන් ඉතින් කට්ටිය එක්කෙනා එක්කෙනා ඉස්සරහට ඇවිල්ල තමන් ගැන පුරාජේරුව කියනව...

"මම මෙහෙමයි..මගේ දෙමවුපියෝ මෙහෙමයි... ගෙදර බල්ලෙක් ඉන්නවා..කන්න කැමතිම කෑම උළුඳු වඩේ..බ්ලා..බ්ලා..."

ඔන්න ආව අපේ රසික ගේ වාරේ.. මිනිහ පොඩි ඇඩ් එකක් එහෙම දාල.. මෙන්න පටන් ගත්ත කතාව..

" Good Morning everybody..I am Rasika.. I am coming from...etc..etc.."

තමුන්ගේ පුරාජේරුව ඉවර වෙලා දැන් ආව දෙමවුපියො කරන රස්සාව ගැන කියන කෑල්ලට..

බුවා ගේ තාත්ත වැඩ කලේ හොටෙල් එකක "Permanant Guide" කෙනෙක් විදියට...

මිනිහ තාත්ත ගැන මෙන්න මෙහෙම කියාගෙන යනවා...

"My father's name is Mr: Silva..And HE IS A TOURIST!!!!""" :D :D



එදා ඉඳන් මිනිහට අපි දැම්ම නම තමයි "ටුවරිස්ට්" කියල.. පස්සේ ඕක ටිකක් මොඩ් වෙලා "ටුවරිස්" උනා.. (අල් ටයන්න අයින් කලා)
පස්සේ තවත් මොඩ් කරල "ටුවා" උනා...

13 වසරේදී මිනිහට ප්‍රිෆෙක්ට් පට්ටම ලැබුනම මිනිහගේ නම "ප්‍රිෆෙක්ට් ටුවා" උනා...

අන්තිමට නම පුළුවන් උපරිමේටම පොෂ් කරල "පිපෙට්ටුවා" උනා.........

18 comments:

  1. මම හිතුවෙ කෙමිස්ට්‍රි වල තියන පිපෙට්‍ටුවක් කියලා...

    ReplyDelete
  2. ඔව් ඒකත් මතක් වෙලා තමයි ඒ දවස් වල ඔය නම දැම්මේ :D

    ReplyDelete
  3. හික්... මරු නම....

    ReplyDelete
  4. හික් හික් පිස්සු ආතල් නේ ස්කෝලෙ කාලෙ

    ReplyDelete
  5. මාත් හිතුවා ස්කොලේදී පිපෙට්ටුවක් වත් ගිලලා හදාගත්ත නමක්ද කියලා.....
    අපේ එකෙක්ටත් ඔය නමම කීවා....ඒ අනුමාපනය කරන්න ගිහින් එකම දවසේ පිපෙට්ටු දෙකක්ම බිදලා...ඒකට තාමත් කියන්නේ පිපෙට්ටුවා කියල තමා.....

    ReplyDelete
  6. @Ansh අක්ක & හසී : :D :D

    @පිස්සා : ඔව් බන්.. මතක් වෙනකොට නම් දුකයි ඉතින්..

    @හසියා : අපේ එකාටත් තාම පිපෙට්ටුවා කියල තමයි කියන්නෙ... හෙහෙ..

    ReplyDelete
  7. අපිත් ප්‍රිෆෙක්ට්ලට නම් පිපෙට්ටු කියල කියන්නේ........

    පිපෙට්ටුව දකිද්දි අපි අනුමාපන කරපු හැටි මතක් වෙලා හිනා ගියා.......

    ReplyDelete
  8. :DDDDD.
    A\L කරන කාලේ ශොක් කියලා ලන්කාවේ මගේ යාලුවොත් නම් කියනවා තමා, හැමදම ස්කොලේ මොනාමා හරි තියෙනවාලු හිනා වෙන්න,,හෙහේ

    ReplyDelete
  9. @ හා පැටික්කි: එහෙම කියන්න එපා ඉතින් එයාල හොඳ ළමයිනේ (මොකද මාත් පිපෙට්ටුවෙක් :D )

    @හිතුවක්කාරී : යූ බෙට්!! හෙහෙ.. ඇවිල්ලම බලන්නකෝ.. අයි ඔහේ එහෙම ෆන් දේවල් වෙන්නේ නැද්ද?

    ReplyDelete
  10. හරි ශොයි..එලම එල නම..

    ReplyDelete
  11. මාත් නම් ජූනියර් පිපෙට්ටුවක් වෙලා හිටිය සීනියර් එකට ඉල්ලුවේ නැහැ....(සමහර ගුරුවරු නම් ටිකක් තරහත් උනා ඒ ගැන.....)

    අපේ පාසලේ තියන වැඩ රාජකාරි තොගේ හැටියට ඉල්ලුව නම් එහෙම මට A/L වලින් පස්සේ ගමටම ලයිට් දෙන්න තිබුන....... :D :D :D :D

    ReplyDelete
  12. වැරදුන දැන් ලයිට් දෙන්න බෑනේ......

    මග නැගුමට උදවුවක් ලෙස කෝච්චි පාලමක් දාල දෙන්න තිබුන...... :D

    ReplyDelete
  13. හෙහෙ.. ඒකත් ඒහෙමද...

    ReplyDelete
  14. හ්ම්ම් හොඳයි හොඳයි.. :) අම්මලගෙ කීකරු දරුවනේ :D

    ReplyDelete
  15. ප්‍රිෆෙක්ට්ලාට අනම් මනම් කියන්න එපා. එයාලා කොච්චර මහන්සි වෙනවාද ඔතෙන්ට එන්න. ආවට පස්සේ කොච්චර කුණු කොන්ත්‍රාත් සෙට් වෙනවාද ? :)

    ReplyDelete
  16. මෙහෙත් නම් ටිකක්,, එහෙමයි,,, හැබයි ලංකාවේ වගේ ශොක් ද අනේ මන්දා...

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails