Monday, June 21, 2010

අන්තිම සටහන...



මම මේ බ්ලොග් එක වහන්න යන්නේ.. හේතුව දන්නවද?

හේතුව තමයි මම අලුත් ඩොමේන් එකකට බ්ලොග් එක ගෙනියන නිසා :D

හොඳයි නේද වැඩේ? මගේ අලුත් ඩොමේන් එක තමයි http://www.rehanworld.info/

මගේ බ්ලොග් එක බලපු අය, ෆලෝ කරපු අය හැමෝම මගේ අලුත් වෙබ් පිටුවට සාදරයෙන් පිලිගන්නවා...

අලුත් අයවත් සාදරයෙන් පිලිගන්නවා.. :D :D

වෙබ් පිටුවේ තව සුළු සුළු අඩුපාඩු තියෙනවා.. ඒවා හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ...

ඔයාල හැමෝගෙම සහයෝගය මට ඕනේ..

එහෙනම්.. අද ඉඳන් එන්න මගේ අලුත් වෙබ් සයිට් එක බලන්න...

Friday, June 18, 2010

රෙහාන් කැමතිම සින්දු ටික...


අද මම හිතුව ටිකක් වෙනස් වැඩක් කරන්න..  අද මම ඔයාලට කියන්න යන්නේ මම ආසම සින්දු මොනාද කියල..

දන්නවනේ ඉතින් මම වැඩිපුරම අහන්නේ හින්දි සින්දු නේ.. හැම භාෂාවකම සින්දු වලින් මම වැඩියෙන්ම..කියන්නේ වැඩි.....යෙන්ම කැමති සින්දු ටික තමයි මේ...

මෙතන තියෙන සිංහල සින්දු නම් ඔයාල අහල ඇති.. අහල නැත්තම් අහන්න මම හින්දි සින්දුයි දෙමල සින්දුයි ලින්ක් එකක් විදියට දාන්නම්කො..

බාගන්නේ නැතුව ඔන්ලයින් අහන්න පුළුවන් ලින්ක් එකක් දැම්මම ඔයාලට ලේසි නිසා ඔන්න එහෙම දැම්ම...

ඔන්ලයින් අහනකොට සමහර සින්දු වල quality එක ටිකක් අඩුයි.. අහල කැමති සින්දුවක් තියෙනවනම් කියන්න මම හොඳ quality එකෙන් බාගන්න ලින්ක් එකක් දෙන්නම්..

1.Bheegi Bheegi Raaton Mein: (මේක පරණ හින්දි ෆිල්ම් එකක තියෙන සින්දුවක රිමික්ස් එකක් - Hindi)

2. Gale Lag Ja: (De Dana Dan කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

3. Munbe Vaa: (Sillendru Oru Kaadal කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Tamil)

4. Chayya Chayya: (Dil Se කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

5. Ae Naznee Sunona: (Dil Hi Dil Mein කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

6. ආදර මල් වල: (කසුන් කල්හාරගේ සින්දුව)

7. Ye Haseen Wadiya: (Roja කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

8. Fashion Ka Jalwa: (Fashion කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

9. I Hate Luv Storys: (I Hate Luv Storys කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

10. සුපුන් සිහිනේ: (සංගීත් විජේසුරිය)

11. Kabhi Kabhi Aditi: (Jaane Thu Ya Jaane Na කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

12. රෑ පුරා: (සංගීත් විජේසුරිය)

13. සිහිල් සුලන් රැල්ලේ: (වික්ටර් රත්නායක)

14. පිච්ච මල්: (නිරෝෂා විරාජිනී)

15. සමනල වැව: (කරුණාරත්න දිවුල්ගනේ)



මොකද හිතන්නේ? හිතෙන දේ කමෙන්ටුවක් විදියට දාන්නකෝ...

Thursday, June 17, 2010

පිපෙට්ටුවා....


"ඉස්සර වගේ නෙවෙයි බන්.. දැන් උඹ හෙන සීරියස් වෙලා නේ ?" බ්ලොග් එක බලල සමහරු ඊයේ එහෙම කිව්වා..
හේතුව මොකද ඇහුවම.. "දැන් බලපන් මුලින් උඹ ෆන් ඒවා ලියල ලියල.. දැන් හෙන සීරියස් ඒවා ලියන්න පටන් අරගෙන..."

මේ කියන්නේ අර කෑම විසි කරන කතාව ගැනයි, අංජනා ගැන ලියපු එක ගැනයි වෙන්න ඇති..

එත් ඉතින්  ජිවිතේ ෆන් එකේ ඉඳල විතරක් බෑ නේ.. නේද? සීරියස් වෙන්නත් ඕනේ ටිකක් (අනිත් අයගේ වර්ශන්එක)
මම නම් කොහොමත් සීරියස් කෙනෙක් නෙවෙයි..  (මගේ වර්ශන් එක)
මම ඉතින් ඔය හිතට ආපු දේ ඔහේ ලියල දානවා... එක ෆන් එකක්ද සීරියස් එකක්ද කියල හොයන්නේ නෑ..

ඔන්න අද එහෙනම් ෆන් කතාවක් ලියන්නම්කො...
------

ඉස්කෝලේ මගේ යාලුවෙක් හිටිය මිනිහගේ නම රසික.. මිනිහට උන ඇබැද්දියක් තමයි අද කියන්න යන්නේ..

ඕ ලෙවල් ඉවර වෙලා ගෙදර තැපල තැපල ඔන්න යන්තන් ඉස්කෝලේ පටන් ගත්ත ඒ ලෙවල් වලට....

දන්නැද්ද ඉතින් ඒ ලෙවල් වල මුල්ම දවස... ගුරුවරු ඇවිල්ල..... "ඒ ලෙවල් කියන්නේ මාර එකක්.. මාර කියන්නේ මාරම එකක්.. ඒක මේ ලේසියෙන් කරන්න බෑ.. එට්සෙට්‍රා..එට්සෙට්‍රා " කියල කියන දවසනේ..

ඔන්න 3 වෙනි පීරියඩ් එකේ තිබුනේ ඉංග්‍රීසි..... ඉංග්‍රීසි කරන සර් ඇවිල්ල "ගුඩ් මෝර්නින්" කියල එහෙම, මෙන්න මෙහෙම කිව්වා..

" First of all you all have to introduce yourselves.. So please come forward and say something about you, your family, your ambition..etc"

දැන් ඉතින් කට්ටිය එක්කෙනා එක්කෙනා ඉස්සරහට ඇවිල්ල තමන් ගැන පුරාජේරුව කියනව...

"මම මෙහෙමයි..මගේ දෙමවුපියෝ මෙහෙමයි... ගෙදර බල්ලෙක් ඉන්නවා..කන්න කැමතිම කෑම උළුඳු වඩේ..බ්ලා..බ්ලා..."

ඔන්න ආව අපේ රසික ගේ වාරේ.. මිනිහ පොඩි ඇඩ් එකක් එහෙම දාල.. මෙන්න පටන් ගත්ත කතාව..

" Good Morning everybody..I am Rasika.. I am coming from...etc..etc.."

තමුන්ගේ පුරාජේරුව ඉවර වෙලා දැන් ආව දෙමවුපියො කරන රස්සාව ගැන කියන කෑල්ලට..

බුවා ගේ තාත්ත වැඩ කලේ හොටෙල් එකක "Permanant Guide" කෙනෙක් විදියට...

මිනිහ තාත්ත ගැන මෙන්න මෙහෙම කියාගෙන යනවා...

"My father's name is Mr: Silva..And HE IS A TOURIST!!!!""" :D :D



එදා ඉඳන් මිනිහට අපි දැම්ම නම තමයි "ටුවරිස්ට්" කියල.. පස්සේ ඕක ටිකක් මොඩ් වෙලා "ටුවරිස්" උනා.. (අල් ටයන්න අයින් කලා)
පස්සේ තවත් මොඩ් කරල "ටුවා" උනා...

13 වසරේදී මිනිහට ප්‍රිෆෙක්ට් පට්ටම ලැබුනම මිනිහගේ නම "ප්‍රිෆෙක්ට් ටුවා" උනා...

අන්තිමට නම පුළුවන් උපරිමේටම පොෂ් කරල "පිපෙට්ටුවා" උනා.........

අංජනා....


අපේ ඔෆිස් එකේ මගේ ටීම් එකේ ඉන්න අංජනා වෙන කම්පැනි එකකට යනවා.. මට මුලින්ම අංජනා ව හම්බුනේ 2009 ජනවාරි පළමුවෙනිදා..
ඒ දවස්වල මම කස්ටමර් සයිට් හිටපු නිසා ඔෆිස් ආවෙ නෑ... මම කස්ටමර් සයිට් ඉන්න කලේ තමයි අංජනා අපේ ඔෆිස් එකට වැඩට ආවෙ..
පස්සේ මගේ කස්ටමර් සයිට් ඉඳල අපහු ඔෆිස් අවම මම වැටුනේ අංජනා ගේ ටීම් එකට.. මම ඒ ටීම් එකට අලුත් නිසා අංජනා  තමයි මගේ ගුරුවරිය උනේ..

මම දන්නේ නැති දේවල් උස්සගෙන යන්නේ එයා ලඟට තමයි.. කොච්චර වැඩ තිබුනත් මට ඒ දේවල් අනිවාර්යෙන්ම කියල දෙනවා..
ඒ විතරක් නෙවෙයි එයා අපේ බත් ගෘප් එකෙත් ඉන්නවනේ.. (බත් ගෘප් එක කියන්නේ අපේ පොඩි සෙට් එකක් ඉන්නවා හැමදාම එකට තමයි දවල්ට කන්න යන්නෙ)

ඒ වගේම තමයි අංජනා ගොඩක් බුද්ධිමත් කෙනෙක්.. ඕන දෙයක් ඉක්මනට තේරුම් ගන්නවා.. එයා යන එක අපේ ඔෆිස් එකට නම් ලොකු පාඩුවක්..

එත් ඉතින් එයා යන්නෙ ගොඩක් හොඳ තැනකට නේ... ඒ ගැන හිතල අපි සතුටු වෙනවා..

මුළු බත් ගෘප් එක වෙනුවෙන්ම අංජනා ට මගෙන් සුබ පැතුමක්...

"අංජනා අක්කේ.. ඔබට සුබ අනාගතයක්..."
---
ප: ලි: ඔය අක්ක කෑල්ලට නම් එයා වැඩිය කැමති නෑ.. :P :P

Wednesday, June 16, 2010

කෑම නාස්තිය හා එදා වේල නැති වීම...


 අද නම් කම්මැලි දවසක් වගේ.. ඊයේ ෆන් ගත්ත ඒවටත් එක්ක අද කම්මැලි කමේ ඉන්න වෙන ලයින් එකක් තියෙන්නේ..

කොහොමත් ඉතින් හැමදාම නත්තල් නෑ කියල කතාවකුත් තියෙනවනෙ....

හප්පා ඊයේ හවස නම් ෆන් ගත්ත එකමයි කලේ.. කාලෙකින් හම්බුනේ නැති යාලුවෙක් හම්බෙන්න ගියා..
එයා ඉන්දියා ඉඳල මෙහෙ ඇවිල්ල ටිකක් කල් වෙනවා.. එත් හම්බෙන්න යන්න බැරි උනා.. ඔන්න කොහොම හරි ඊයේ හවස යන්තන් හම්බුනා..

ඒ කෙල්ල නම් පිස්සු විකාරයක්.. මාත් එක්ක තව යාලුවෝ දෙන්නෙක් ගියා එයාව හම්බෙන්න.. පාරේ යන එන මිනිස්සු හිටන් බලනවා මුන් හතර දෙනාට පිස්සු ද කියල.. හෙහෙ... ඇයි ඉතින් කෑ ගගහ නේ පාරෙ යන්නෙත්!!!

පස්සේ රැ කුක්ක එක්ක ගියා අර නයිට් ලන්ච් එකට  :P

බඩ පැලෙන්න කාල කාල  අද උදේට  කෑවෙත් හරි අමාරුවෙන්.. :D

මිනිස්සු කොච්චර කෑම නාස්ති කරනවද කියල මම ඊයේ තේරුම් ගත්ත..
ඒ හොටෙල් එකේ බුෆේ එකක් තිබුනේ... කොහොම හරි රැ 10 වෙනකොටත් එකේ කෑම තොගයක්ම ඉතුරුයි (දන්නවනේ ඉතින් කෑම කිව්වම කෑම සාගරයක්ම තියෙනවනෙ)

අර ඔක්කොම ඉතුරු කෑම ටික අපරාදේ.... ඒවා කාටවත් දෙන්නෙත් නෑ ලු හොටෙල් එකේ තත්වේ (standards) තියාගන්න ඕනේ නිසා... අනේ මගේ කට!

එදා වෙලා කන්න නැති මිනිස්සු ඉන්න රටේ මුන්ට standards නිසා ඒ කෑම කාටවත් දෙන්න බෑලු...

එච්චර කෑම තොගයක් විසි කරනවා කියන්නේ නම් හෙන ගහන අපරාදයක්... මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවනම් හොඳයි ඒ කෑම අසරණ මිනිස්සුන්ට බෙදල දෙන්න..

අපි උනත් කොච්චර නම් කෑම නාස්ති කරනවද.. කන්න ඕනේ ගානට බෙදා ගන්නේ නැතුව පෙරේත කමට ඔහේ බෙදාගෙන කනවා..

අන්තිමට කෑම තොගයක් ඉතුරු වෙනවා.. මේක ගොඩක් ම වෙන්නේ විවාහ වගේ උත්සව අවස්ථාවන් වලදී..

මට ආරංචියක් ආව උත්සව වලදී ඉතුරු වෙන කෑම එකතු කරගන්න ආයතනයක් තියෙනවා කියල.. එකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..
හැබැයි එහෙම එකක් තියෙනවනම් එක ලොකු දෙයක්..

ඔය කලින් කිව්ව මහා ලොකු හොටෙල් වලත් ඉතුරු වෙන කෑම එකතු කරගන්න ඒ වගේ විදියක් තියෙනවනම් හොදයි..

බිලීව් මී ඔර් නොට් මෙයාල.. උත්සවයක ඉතුරු වෙන කෑම වගේ දෙගුණයක් ඊයේ රැ හොටෙල් එකේ ඉතුරු උනා...

Tuesday, June 15, 2010

ඔට්ටුව...


උදේ ඉඳන් වැඩ.. දැන් තමයි නිවාඩුවක් සෙට් උනේ.. අද හොඳ දවසක් වගේ..

අද රෑට ලන්ච් එකක් තියෙනවා සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේ.. ඒකට යන්නත් තියෙනව..
නෑ නෑ  සල්ලි ගෙවල කන්න නෙවෙයි.. මට ගිෆ්ට් වවුචර් එකක් හම්බුනා නෙ දෙන්නෙකුට රෑ ලන්ච් එකකට ඔය හොටෙල් එකේ..

එක හම්බුන හැටි දන්නවද?

මේ රෙහාන් මෙහෙම හිටිය හොඳ නැට්ටුව නෙ.. ඔෆිස් එකේ තිබුන අවුරුදු උළෙලක්.. අවුරුදු උළෙලක් උනාට ඕකෙ අන්තිමට නටන සීන් එකක් තියෙනව.. එකේ තෝරනවා හොඳම නර්තන යුවල (බෙස්ට් ඩාන්සින් කපල් කියල සිංහලෙන් කියන්නේ)

ඉතින් ඕකෙන් තේරුනේ මමයි තව අපේ ඔෆිසේ එකේ නංගි කෙනෙකුයි..  ඉතින් දෙන්නට හම්බුනා ඔය ගිෆ්ට් වවුචර් එක..

 හරි හරි  මගේ පම්පෝරි අහල වැඩක් නෑ නෙ.... (පම්පෝරි ඔක්කොම කියවල  කියවල... දැන් කියනවා අහල වැඩක් නෑ නේද කියල ...නේද? :P )

ආහ්.. අද මැච් එක නේද.. මැච් එක කිව්වම මතක් උනා කතාවක්..   මම කතාව කියන්නම්..

සමහරවිට ඔයාල මේක අහලත් ඇති.. මට නම් හිනා ගිය.. ඔයාලට හිනා යයිද දන්නේ නෑ.. :P


නිමල් : "මොකෝ බන් අප්සට් එකේ?"

කමල්: "නෑ බන් ඔට්ටුවක් අල්ලලා රුපියල් 500 පැරදුනා බන්"

නිමල් : "හුටා! මොකක්ද අල්ලපු ඔට්ටුව?"

කමල් : "ඊයේ මැච් එක ලංකාව දිනනවා කියල රුපියල් 300 ඔට්ටු ඇල්ලුව බන්.."

නිමල් : "ඉතින් 500 නැති උනේ කොහොමද?"

කමල් : "නෑ බන් මම හයිලයිට් වලටත් 200 ඔට්ටු ඇල්ලුව බන්.."

------
හික්.. පස්සේ හම්බෙමු.. :)

Monday, June 14, 2010

මචන් *** ගියාද?


අද කෝච්චියේ අවේ.. මොකද මන්ද කවදාවත් නැතුව අම්බානෙකට සෙනග.. මොනවා උනත් බස් එකේ නුගේගොඩ පැත්තට එනවට වඩා කෝච්චියේ එන එක දාහෙන් සම්පතයි..

නාරාහේන්පිට ඉඳන් විනාඩි 20 නෙ යන්නේ උඩහමුල්ල ට... (මම බෝඩ් වෙලා ඉන්නේ උඩහමුල්ලේ නෙ ... ඒ කියන්නේ නුගේගොඩට දුම්රිය පොළ වල දෙකක් මහරගම පැත්තට වෙන්න)
කෝච්චියේ එන කොට මතක් උනා ඉස්කෝලේ කලේ සිද්ද වෙච්ච කතාවක්.. ඒක බ්ලොග් එකට එකතු කරන්න හිතුන..



------
අපි ඒ ලෙවල් ද මොකක්ද එකක් කලා නෙ.. (හීනෙන් වගේ මතකයි එහෙම එකක්) ඔන්න ඔය කලේ තමයි මේ සිද්දිය උනේ.. මේක උනේ නම් වාණිජ පන්තියක (මම කලේ මැත්ස් ද කොහේ... ෆෝ යුව ඉන්ෆොමේෂන්)....

අපේ වාණිජ පන්ති දෙකක් තිබුන..දෙකම එක ළඟ....එක බිත්තියෙන් වෙන් වෙලා තමයි තිබුනේ..
එක පන්තියක හිටිය චමල්ක කියල ජොකියෙක්.. කියල වැඩක් නෑ නියම පිස්සු බුලට් එක..

එදා මේ පන්ති දෙකේම පන්ති බාර ගුරුවරු ඇවිල්ල ඉඳල නෑ.. දන්නවනේ ඉතින් එහෙම වෙලාවට පන්ති වල තත්වේ..

ඔන්න ඉතින් පන්ති දෙකේ සද්දෙ උප-විදුහල්පති කාමරයටත් ඇහෙනවලු.. ඒ කාලෙ හිටපු උප විදුහල්පති තුමාට අපේ ළමයි නමක් දාල තිබුන..  මම ඒ නම  ප්‍රසිද්ධියේ දාන්න කැමති නෑ මොකද එක සදාචාරාත්මක නැති නිසා...

ඉතින් සර් සද්දෙ ඇහිලා ගියාලු චමල්කගේ පන්තියට මුලින්ම.. ගිහිල්ල සද්දයක් එහෙම දාල.. යන්න ගියා ලු..

චමල්ක ඉතින් පිස්සු බුවා නෙ (අපිත් එහෙම තමයි ඉතින්.. හැබැයි බුවා අපිට වඩා ආතල් දෙනවා.. පට්ට ආතල් දෙන්නේ)  මිනිහ සර් ගියා විතරයි දොරෙන් ඔලුව දැම්මලු..

එහා පන්තියේ එකෙක් ඒ පන්තියේ උළුවස්සට හේත්තු වෙලා තමන්ගේ (බුවාගේම)  පන්තිය දිහා බලන් ඉන්නවලු..

ඒ කියන්නේ දැන් චමල්කට පෙන්නේ මිනිහගේ පශ්චාත් බාගය විතරයි.. චමල්ක කෙලින්ම බුවා ගාවට ගිහින් කරට අත දාල මිනිහගේ මූන වත් බලන්නේ නැතුව මෙහෙම ඇහුවලු..

"මචන් *** ගියාද?"
(මේ තරු වලින් තියෙන්නේ අර ළමයි උප විදුහල්පති තුමාට කියන නම..වෙන  කුනුහබ්බයක් නෙවෙයි..)

ඔහොම කියල පන්තියේ ළමයි දිහා බලන් හිටියලු.. ළමයි බිරන්තට්ටු වෙලා චමල්කය දිහා බලන් ඉන්නවලු..
බුවා ට තෙරුනලු කොතන හරි පොඩි කොස්සක් තියෙනවා කියල..

ශේප් එකේ කරට අතදාගත්ත එකා දිහා බැලුවාලු.. 

හුටා!!!  මල හූනියමයි.. බැලින්නන් මූ අපේ උප සර් ගේ කරට අතදාගෙන තමයි අර කතාව කියල තියෙන්නේ...

ඒ සර් ඒ කාලෙ ඇන්දේ සුදු කලිසමයි සුදු ෂර්ට් එකයි.. සර් ටිකක් විතර කොටයි.. ඉතින් ළමයෙක් කියල වරදින එක අහන්න දෙයක් යැ!!!!

LinkWithin

Related Posts with Thumbnails