Monday, June 7, 2010

චේතන් භගත්...


අහල තියෙනවද චේතන් භගත් ගැන? චේතන් භගත් කියන්නේ ඉන්දියාවේ ඉන්න ලේඛකයෙක්...

ඉන්දියාවේ මෙයා ලියන පොත් උණු කැවුම් වගේ විකිනෙනව.. ඉන්දියාවේ විතරක් නෙවෙයි.. වෙන රටවලත් පාඨකයෝ ගොඩක් ආසයි මෙයාගේ පොත්  කියවන්න..

2009 අයිෆා, ෆිල්ම්ෆෙයා වගේ සම්මාන උළෙලවල් වල වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත්ත "3 Idiots" චිත්‍රපටිය මෙයාගේ පොතක් ආශ්‍රයෙන් තමයි හදල තියෙන්නේ (කතාව නම් සම්පුර්ණයෙන්ම වගේ වෙනස් .හැබැයි අඩිතාලම නම් එකම වගේ...)

මිට කලිනුත් මේ ලේඛකයාගේ පොතක් ආශ්‍රයෙන් චිත්‍රපටියක් හැදුව "Hello" කියල .. ඒ චිත්‍රපටිය නම් වැඩිය ජනප්‍රිය වුනේ නෑ..

දැනට පොත් 4 ක් මේ ලේඛකයා එලි දක්වල තියෙනවා.. ඒවා තමයි ..

1. One Night @ The Call Center ("Hello" චිත්‍රපටිය හැදුවේ මේ පොතෙන්.. මේ චිත්‍රපටියේ කතාව නම් පොතේ කතාවම  තමයි )


2. 5 Point Someone - What not to do @ IIT ("3 idiots" චිත්‍රපටිය හැදුවේ මේ පොත අනුසාරයෙන් )



3. The 3 Mistakes of My Life( ළඟදීම මේ කතාව ගැනත් චිත්‍රපටියක් හදන්න යන්නේ "3-M" කියල )



4. 2 States - The Story of My Marriage




මම චේතන් භගත් ගේ පොත් දෙකක් අන්තර්ජාලයෙන් බාගෙන බැලුව (ඊ - බුක් ).. ඒ  One Night @ The Call Center කියන පොතයි , The 3 Mistakes of My Life කියන පොතයි..

මම මෙයාගේ පොත් වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මම මේ පොත් කොළඹ හැම පොත් සාප්පුවකම වගේ ඉතුරු පොත් දෙක හෙව්වා .. එත් තිබුනේ නෑ...

එපාර මම මගේ ඉන්දියාවේ ඉන්න හර්ෂ කියල යාලුවෙකුට මේ ගැන කිව්වා... එයා පොරොන්දු උනා ලංකාවට එනකොට පොත් 4 ම අරන් එන්නම් කියල...
පහුගිය සෙනසුරාදා එයා ලංකාවට ආව.. පොත් 4 මට ලැබුන ..

මේ දවස් වල වැඩේ ඉතින් ඔය පොත් 4 කියවන එක තමයි.. ඇත්තටම ගොඩක් ලස්සන පොත් ..

පොත් ගැන තව දිග විස්තරයක් පස්සේ ලියන්නම්කො..

ප. ලි.: මම බාගත්ත ඊ බුක් 2 ඕනේ අය ඉන්නවනම් කියන්න මම අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම්..

3 comments:

  1. අනිවා!!! e-books දෙක දීපංකෝ කියවල බලන්න අපිටත්!

    ReplyDelete
  2. අනේ මටත් දෙන්නකෝ කියවන්න ආසයි

    ReplyDelete
  3. දැනට එකක් දැන්නම්.. අනිත් එක 22 MB විතර.. එක ගෙදර ගිහින් දැන්නම් අද රෑට :)

    මෙන්න
    Three Mistakes of My Life

    http://www.mediafire.com/?yiw2ymq2gmd

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails