Thursday, June 3, 2010

කුක්කාගේ වැඩ.. - 1


කුක්කව දන්නවද? නෑ නෑ බලු කුක්ක නෙවෙයි.. මෙගේ යාළුවා කුක්ක.. අපේ තියෙනවනේ පොඩි ගැන්සියක්.. එකේ ඉන්න එකෙක් තමයි කුක්ක..


අපේ කුක්ක රජ වැඩ කාරය.. පොඩි කාලේ මිනිහ කරපු වැඩ ටිකක් කියන්න තමයි මේ හදන්නේ..

කුක්ක 1 වසරෙදි දවසක් මිනිහගේ පන්තියේ මිස් කිව්වලු මෙහෙම (මම එතකොට වෙන ඉස්කෝලෙක.. මම ශිෂ්‍යත්වෙන් නේ මේ ඉස්කෝලෙට අවේ.. හෙහෙ)

"ළමයි මම දැන් සත්තුන්ගේ නම් ටිකක් කියවනව.. ඔයාලට තියෙන්නෙ මම කියන දේ හොඳට අහගෙන ඉඳල කියන සතාගේ රූපේ ඇඳලා යටින් ඊ සතාගේ නම ලියන්න ඕනේ.. හරිද.."

ඉතින් ඔන්න කට්ටිය වැඩේ පටන් ගත්තලු.. දැන් ඉතින් හැමෝගෙම පිටු වල සිංහයෝ, බල්ලෝ, හරක් එහෙම ඉන්නවලු..

ඔන්න මිස් ඊළගට කිව්වලු "නයා" කියල..

දැන් කට්ටිය නයා අදිනවලු.. කුක්කාගේ එහා පැත්තේ හිටපු පොර ඇඳපු නයා ටිකක් විතර කොට මොඩ්ල් ලු..
දැන් ඉතින් කුක්ක ඕක දැකල බුවාට කිව්වලු.. "මේ ඔය රූපේ නම් නයෙක් වගේ නෙවෙයි.. ඔය නයා ගේ දෙපැත්තට අඬු ටිකක් දාල යටින් හැකරැල්ල කියල ලියන්න" කියල.. අනේ ඉතින් අපේ බුවා කුක්ක කියපු දේම කරාලු...

බුවා මිස් ට පොත පෙන්නුවම මිස් උඩ ගියාලු... ඇයි දෙයියනේ නයා කියන වචනේ වැරදිලාවත් හැකරැල්ල කියන ඇහෙනවයි?

මිස් බුවා ගෙන් ඇහුවලු සීන් එක.. කොහොම හරි මිස් ගෙන් අපේ කුක්ක හොඳට අහගත්ත්ත කියල නම් ආරංචී..

4 comments:

  1. ඇත්ත කියපන් . . උඹ නේද මේ හැකරැල්ලා කියලා ලියපු එකා . . ? හික් හික්

    ReplyDelete
  2. හෙහෙ.. හපෝ නෑ.. කිව්වා වගේ මම එතකොට ඔය ඉස්කෝලේ නෙවෙයි හිටියේ..

    ReplyDelete
  3. ආයි මකලා නයා අදින්න කම්මැලිකම නිසා වුණු හදියක් :)

    කුක්කට තිබ්බේ ඔයා කියන එක අහන්නේ නැතිව රූපේ ඇදලා පල්ලෙහායින් නයි පැටියා කියලා ලියන්න :)

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails