Monday, June 14, 2010
සිංහල බ්ලොග් කියවනය...
හුරේ!
අද ඉඳන් මගේ බ්ලොග් එකත් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත්!! මම සති එකහමාරක් විතර වෙනවා ඇප්ලයි කරල..
අද තමයි හම්බුනේ! :D :D මගේ මිත්‍රය ශාකුන්තල තමයි ඇතුලත් කෙරුව කියල මේල් එක මට එව්වේ.. එයා සිංහල බ්ලොග් කියවනයේ සාමාජිකයෙක් නේ..
මම බැලුව මෙච්චර කල් ගියේ මොකද කියල.. ශාකුන්තල කියනවා ඇතුලත් වෙන්න ඉල්ලල ආපු බ්ලොග්ස් ගැන 50 කටත් වැඩ වැඩි ලු..ඒ දිග පෝලිම නිසා ලු කල් ගියේ.. කොහොම උනත් දැන් ඉතින් ඇඩ් වුනා නේ :D :D
ශාකුන්තලටත්, සිංහල බ්ලොග් කියවනයේ සියලු දෙනාටත් බොහොම ස්තුති...
සිංහල බ්ලොග් කියවනයේ සියලුම සාමාජිකයන්ට මම ඇරයුම් කරනවා මගේ බ්ලොග් එක පැත්තේ ඇවිල්ල යන්න එන්න කියල..
එහෙනම් දැනට මෙච්චරයි... හැබැයි තව ගොඩක් වැඩ ඉස්සරහට... ;) ;)
Wednesday, June 9, 2010
ටයිම්ස් නිව් රෝමන්...
මේක උනේ අපි ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලෙ... දන්නවනේ ඉතින් ලෙචාලට නින්ද යන්නේ නෑ නෙ අසයිමන්ට් තුන හතරක් අපිට දුන්නේ නැත්තං..
ඔන්න ඔය වගේ අර කට්ටිය එකතු වෙලා කරන්න තියෙන අසයිමන්ට් එකක් (ගෘප් අසයිමන්ට්) සෙට් උනා කරන්න..
මගේ ගෘප් එකේ හිටියේ රිකියයි, හිරානයයි, මායි (තව හිටපු උන් මතක නෑ.. කතාවට ප්ලග් වෙච්ච උන් විතරයි මතක..හික් )..
දැන් ඕකට තිබ්බ හෙන රිපොර්ට් එකක් හදන්න.. දන්නා පල් හෑලි ඔක්කොම ලියල ලියල දැන් රිපෝර්ට් එකේ අන්තිම හරිය..
අපි තුන් දෙන සෙට් වෙලා දැන් index එක හදනවා (ඔය index එකට ඉංග්‍රීසියෙන් කියන්නේ පටුන ද කොහෙද නෙ..සිංහල බැරි උන්ට ඔන්න කඩ්ඩෙන් කිව්ව...)
රිකිය එක පාරටම කියපි මෙහෙම.. "මචං..අපි index එක Times New Roman වලින් දාමු නේද......" (ඔය Times New Roman කිව්වේ Font එකක් විත්තිය දන්නවනේ මේක බලන උදවිය?)
මායි හිරානයයි බැලුව..යකෝ මුළු රිපෝර්ට් එකම ලිව්වේ ඒ මගුලෙන් නේන්නම්.. ඕක අමුතුවෙන් කියන්න ඕනය..
මොකද අපිට කොහොමත් රිපෝර්ට් ලියනකොට වෙන ෆොන්ට් එකක් පාවිච්චි කරන්න බෑ.....කිලි අහුවෙනවා...
ලේචා ල අපිව මරාගෙන කන්න හදනවා එහෙම උනොත් "යකෝ තොපිට කඩ්ඩ බැරිද? තොපිට ඩිග්‍රිය පටන් ගත්ත දවසෙම කිව්ව නේද රිපෝර්ට් ලියන්න ඕනේ Times New Roman වලින් කියල?"
ඉතින් මායි හිරානයයි බැලුව මොකක්ද කියල මූ මේ කියන හරුපේ..
බැලින්නම් මොකක්ද දන්නවද මූ කියල තියෙන්නේ.. මූ "Times New Roman" කියල තියෙන්නේ රෝම ඉලක්කං කියන එක..
ඒ කියන්නේ (i, ii, iii, iv...වගේ ඒවා)
මූ කියන්න ට්‍රයි කරල තියෙන්නේ පටුනේ අංක ටික රෝම ඉලක්කං වලින් දාමු කියන එක..
පව් කලබලේට කියවුනේ වෙන එකක්..
ඕව නම් මොනාද නේද බීෆ් පෝක් වගේ ඒවා එක්ක තිබ්බම.. :P
බීෆ්, පෝක්....එට්සෙට්රා
අද බ්ලොග් කියව කියව ඉන්නකොට අහම්බෙන් වගේ අන්තිම පේලිය බ්ලොග් එක හම්බුනා.. බ්ලොග් කිව්වට දැන් නම් එක ඩොට් නෙට් සයිට් එකක්..
ඒකෙත් මරු කතා තියෙනවා ඈ...
එකේ තිබුන බීෆ් පෝක් කතාව ඇහුවම මටත් මතක් උනා ඔය වගේ බීෆ් පෝක් කතාවක්...
අපේ ජොකියෙක් ඉන්නවා මිනිහගේ නම නම් කමල්.. හැබැයි අපි තව මිනිහට වාසගමකුත් ඇඩ් කරලා "කමල් කාන්" කියල තමයි කියන්නේ..
"කමල් ඛාන්" නෙවෙයි... "කමල් කාන්" .... "කාන්".. හරිනේ?
මිනිහ කාලයක් වැඩ කලා රෙස්ටුරන්ට් එකක.. රෙස්ටුරන්ට් එකක් වැඩ කලාට මොකද මිනිහ චාර්ටඩ් එහෙම පාස් ඩයල් එක.. දැන් නම් හොඳ ජොබ් එකක් කරනවා..
ජොබක් හම්බෙනකන් ඔය අපි වගේ වාත වේවි ඉන්නේ නැතුව මිනිහ රෙස්ටුරන්ට් එකේ වැඩට ගියා..
ඉතින් දවසක් මෑන් සෙට් උන වෙලාවක සිද්ද වෙච්ච දෙයක් තමයි කියන්න යන්නේ..
මේක දෙබසක් විදියටම දාන්නම්කො..එතකොට ලේසි..
කාන් : "වැඩක් නෑ බන්.. ඊයේ රෑත් හරියට කෑමක් නෑ.. රෙස්ටුරන්ට් එකේ රෑ ඉතුරු වෙලා තිබුනේ බීෆ් විතරයි බන්.. මම ඉතින් ඌරු මස් කන්නේ නෑ නේ..ඉතින් මම බඩගින්නේ"
දැන් සීන් එකට අපි හැමෝටම මැරෙන්න හිනා.. මොකද මිනිහ ඒක කිව්වේ සිරාවට.. ජෝක් එකකට එහෙම නෙවෙයි..
මෙතන හිටිය තව ජොකියෙක්.... මිනිහට තමයි සෙට් එකෙන් වැඩියෙන්ම මේ සීන් එකට හිනා ගියේ.. පොර හිනා වෙලා හිනා වෙලා මෙන්න මෙහෙම කිව්ව...
"ඉදකින්........ යකෝ කඩ්ඩ දන්නේ නැත්තන් මං වගේ කට පියන් හිටපන්.. බීෆ් කියන්නේ ඌරු මස් නෙවෙයි හරකො එළු මස් "
---------------
ප:ලි:- තේරුනේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නෑ.. කාන් හම්බෙලා අහගන්න..
පොත් ගැන වැඩි විස්තරේ...
කලින් දාපු පොත් ගැන විස්තරේ කියද්දී මම කිව්වනේ පොත් ගැන වැඩි විස්තරයක් පස්සේ දාන්නම් කියල..
අද මම පොත් 4 ගැන පොඩි විස්තරයක් දාන්න හිතුව..
මුලින්ම බලමු One Night @ The Call Center පොත..
මේකේ කතාව දිවෙන්නේ කෝල් සෙන්ටර් එකක වැඩ කරන කීප දෙනෙක් ගැන... වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්න මේ කට්ටිය කොහොම හරි තමන්ගේ රැකියාවෙන් ඉදිරියට යන්න බලන අය..
හැබැයි මෙයාලගේ ආයතනයේ ප්‍රධානියා නම් කොහෙත්ම වෙන කෙනෙක් ඉස්සරහට එනවා බලන් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.. (කුහක කියන්නේ..අන්න ඒ වගේ කෙනෙක්..). කතාවේ කතා නායකයාගේ නම ශ්‍යාම්..
එක දවසක් රෑ මේ කෝල් සෙන්ටර් එකේ වෙන සිද්දි දාමයක් තමයි මේ කතාවේ තියෙන්නේ..
අන්තිමට මෙයාලට දෙවියන්ගෙන් කෝල් එකකුත් එනවා.. හරිම ලස්සන කතාව..
දැන් මම කියන්නම් "5 Point Someone" පොත ගැන.. කලින් කිව්වා වගේ මේ පොත අනුසාරයෙන් තමයි "3 Idiots" චිත්‍රපටිය හැදුවේ..
ඉන්දියාවේ තියෙන ජනප්‍රියම ඉංජිනේරුවන් බිහි කරන ආයතනය තමයි "IIT (Indian Institute of Technology) " කියන්නේ... මේ ආයතනයට තේරෙන්න එසේ මෙසේ අයට නම් බෑ..
සීමිත ප්‍රමාණයක් විතරක් තෝරාගන්න මේ ආයතනයට ළමයි බන්දවගන්නේ තරඟ විභාගයක් තියල.. එකෙන් පාස් උනාමයි කියමුකෝ.. ඊට හපන් මේකේ ඇතුලේ විභාග..
මේ ආයතනයට තේරෙන ළමයි තුන් දෙනෙක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ.. එයාලට මේ ආයතනයේදී සිද්ධ වෙන දේවල් ගැන තායි මේ කතාව ලියල තියෙන්නේ....
අනිත් පොත තමයි " The Three Mistakes of My Life."
මේකෙත් ඉන්නේ යාලුවෝ තුන් දෙනෙක්.. ප්‍රධාන චරිතය තමයි "ඕමි".. ඕමි තමන්ගේ ජීවිතේ තමන්ට වැරදුන කියල හිතන දේවල් තුනක් තමයි මේ කතාවට මුල් වෙලා තියෙන්නේ.. ඉන්දියාවේ තියෙන මුස්ලිම් - හින්දු ගැටුම් ගැන, ක්‍රිකට් ගැන, මේ පොතේ ලස්සනට ලියල තියෙනවා..
අනිත් පොත් තමයි "2 States - Story of my Marriage"
මේ පොතේ කතාව මේ ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් ලියපු කතාවක්.. මේ පොතේ තියෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක (දිල්ලි සහ තමිල්නාඩු) ජීවත් වෙන පිරිම ළමයෙක් සහ ගැහැණු ළමයෙක් ගේ ආදර කතාවක්.. මේ දෙන්නට ගෙදරින් ඇතිවන ප්‍රශ්න, සමාජයෙන් වෙන ප්‍රශ්න ගැන ලස්සනට ලියල තියෙනවා...
මේ කතුවරයාගේ තියෙන දක්ෂ කම විදියට මම දකින්නේ.. මෙය ලියන දේවල් රස දැනෙන්න ලියනවා.. (මම වගේ නෙවෙයි.. :D )
ලස්සන උපමා යොදන්න ඕන තැන වලට හරිම ලස්සනට දාල ලියනවා.. එකයි මෙයාගේ පොත් මෙච්චර ලස්සන වෙන්න හේතුව..
එහෙනම් අදට මෙච්චරයි.. පස්සේ හම්බෙමු...
ප:ලි: - කලින් කතාවේ ප.ලි. මයි :D
Monday, June 7, 2010
චේතන් භගත්...
අහල තියෙනවද චේතන් භගත් ගැන? චේතන් භගත් කියන්නේ ඉන්දියාවේ ඉන්න ලේඛකයෙක්...
ඉන්දියාවේ මෙයා ලියන පොත් උණු කැවුම් වගේ විකිනෙනව.. ඉන්දියාවේ විතරක් නෙවෙයි.. වෙන රටවලත් පාඨකයෝ ගොඩක් ආසයි මෙයාගේ පොත් කියවන්න..
2009 අයිෆා, ෆිල්ම්ෆෙයා වගේ සම්මාන උළෙලවල් වල වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත්ත "3 Idiots" චිත්‍රපටිය මෙයාගේ පොතක් ආශ්රයෙන් තමයි හදල තියෙන්නේ (කතාව නම් සම්පුර්ණයෙන්ම වගේ වෙනස් .හැබැයි අඩිතාලම නම් එකම වගේ...)
මිට කලිනුත් මේ ලේඛකයාගේ පොතක් ආශ්රයෙන් චිත්‍රපටියක් හැදුව "Hello" කියල .. ඒ චිත්‍රපටිය නම් වැඩිය ජනප්‍රිය වුනේ නෑ..
දැනට පොත් 4 ක් මේ ලේඛකයා එලි දක්වල තියෙනවා.. ඒවා තමයි ..
1. One Night @ The Call Center ("Hello" චිත්‍රපටිය හැදුවේ මේ පොතෙන්.. මේ චිත්‍රපටියේ කතාව නම් පොතේ කතාවම තමයි )
2. 5 Point Someone - What not to do @ IIT ("3 idiots" චිත්‍රපටිය හැදුවේ මේ පොත අනුසාරයෙන් )
3. The 3 Mistakes of My Life( ළඟදීම මේ කතාව ගැනත් චිත්‍රපටියක් හදන්න යන්නේ "3-M" කියල )
4. 2 States - The Story of My Marriage
මම චේතන් භගත් ගේ පොත් දෙකක් අන්තර්ජාලයෙන් බාගෙන බැලුව (ඊ - බුක් ).. ඒ One Night @ The Call Center කියන පොතයි , The 3 Mistakes of My Life කියන පොතයි..
මම මෙයාගේ පොත් වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මම මේ පොත් කොළඹ හැම පොත් සාප්පුවකම වගේ ඉතුරු පොත් දෙක හෙව්වා .. එත් තිබුනේ නෑ...
එපාර මම මගේ ඉන්දියාවේ ඉන්න හර්ෂ කියල යාලුවෙකුට මේ ගැන කිව්වා... එයා පොරොන්දු උනා ලංකාවට එනකොට පොත් 4 ම අරන් එන්නම් කියල...
පහුගිය සෙනසුරාදා එයා ලංකාවට ආව.. පොත් 4 මට ලැබුන ..
මේ දවස් වල වැඩේ ඉතින් ඔය පොත් 4 කියවන එක තමයි.. ඇත්තටම ගොඩක් ලස්සන පොත් ..
පොත් ගැන තව දිග විස්තරයක් පස්සේ ලියන්නම්කො..
ප. ලි.: මම බාගත්ත ඊ බුක් 2 ඕනේ අය ඉන්නවනම් කියන්න මම අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම්..
කුක්කාගේ ගාලු ගමන..
හසිත අය්යා (අයියද මල්ලිද දන්නේ නෑ.. අය්යා කිව්වට තරහ ගන්න එපා :D ) දවසක් මගෙන් අහල තිබුන අපේ කුක්කා පංතියේ හැම එකාටම අංචි ඇද්දා මිසක් කුක්කාට වුණු ඇබැද්දි එහෙම මොකවත් නැත්ද කියල..
ඔන්න මම අද කුක්කට වෙච්චි ඇබැද්දියක් ගැන කියන්න යන්නේ...
අපි අම්බලන්ගොඩ නේ.. කුක්ක දවසක් ගාල්ලට යන්න හිතගෙන අම්බලන්ගොඩින් නැග්ගලු බස් එකකට..
නගින තැනම තිබුන සීට් එකේ ලස්සන ගෑනු පරානයක් වාඩි වෙලා ඉන්නවලු.. පරානයක් කියන්නේ මේ වයස 20 විතර වෙන ළමයෙක්..
වාඩිවෙන්න සීට් ඕන තරම් තිබුනත්.. අපේ කුක්ක ටිකක් මනමාලය නිසා අර ළමය ලඟින්ම වාඩි උනා ලු ....
දැන් ළමය ඉන්නේ ජනේලේ පැත්තේ කොනේ.. කුක්ක එහා පැත්තේ..
කුක්ක ඉතින් ලජ්ජා බය ඇතුව හැදිච්ච ළමයනේ.. අනේ ඉතින් අර ගෑනු ළමය එක්ක පටන් ගත්තලු කතාවක්..
කෙල්ලත් මුට දෙවෙනි නෑ.. දැන් දෙන්න එක්ක බර කයියක් ගහගෙන යනවලු...
හික්කඩුව හරියෙදි බුවෙක් නැග්ගලු බස් එකට.. නැගල කුක්ක ඉන්න තැනට ඇවිත් කුක්කට කියනවලු මෙහෙම..
"මල්ලි.. මට ඔය සීට් එක දෙනවද?"...
කුක්කාගේ මල පැන්නලු එකසිය ගානට.. කුක්කට වඩා ප්‍රශ්නේ අහපු බුවා පතරංග දේහ දාරි උනත්..කෙල්ල ඉස්සරහ නම්බුව රෙද්ද පල්ලෙන් යවාගන්න බැරි නිසා කිව්වලු මෙහෙම..
"එහෙම කොහොමද මම ඔයාට සීට් එක දෙන්නේ මේ අපි සල්ලි දීල බස් වල යන්නේ..මේක හරි වැඩක් නෙ.."
අපේ විරය එතනින් නැවතුනේ නැත.. කෙල්ල දිහාට හැරිලා කිව්වලු...
"බලන්න මෙයා මේ කවුරු කියල හිතාගෙනද මගෙන් සීට් එක ඉල්ලන්නේ නේද??" කියල...
කෙල්ල කුක්කට කිව්වලු මෙහෙම...
"අනේ අය්යේ.. තරහ නැතුව එයාට සීට් එක දෙනවද?..එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්"
කුක්කාගේ සද්ද ඔක්කොම ඒ ගහපු කනේ පාරෙන් ඉවරයි ලු.. ලැජ්ජාව පැත්තක තියල ඊළඟ හෝල්ට් එකෙන් බැහැල වෙන බස් එකක ගාලු ගිය ලු.. හික් හික්..
----
ප.ලි. : කුක්කත් බ්ලොග් එකක් පටන් ගන්න යනවා කියල අද මට කිව්ව.. මම හිතන්නේ මම මිනිහ කන නිසා මිනිහටත් මාව කන්න ආස හිතෙන්න ඇති..
ඔන්න මම අද කුක්කට වෙච්චි ඇබැද්දියක් ගැන කියන්න යන්නේ...
අපි අම්බලන්ගොඩ නේ.. කුක්ක දවසක් ගාල්ලට යන්න හිතගෙන අම්බලන්ගොඩින් නැග්ගලු බස් එකකට..
නගින තැනම තිබුන සීට් එකේ ලස්සන ගෑනු පරානයක් වාඩි වෙලා ඉන්නවලු.. පරානයක් කියන්නේ මේ වයස 20 විතර වෙන ළමයෙක්..
වාඩිවෙන්න සීට් ඕන තරම් තිබුනත්.. අපේ කුක්ක ටිකක් මනමාලය නිසා අර ළමය ලඟින්ම වාඩි උනා ලු ....
දැන් ළමය ඉන්නේ ජනේලේ පැත්තේ කොනේ.. කුක්ක එහා පැත්තේ..
කුක්ක ඉතින් ලජ්ජා බය ඇතුව හැදිච්ච ළමයනේ.. අනේ ඉතින් අර ගෑනු ළමය එක්ක පටන් ගත්තලු කතාවක්..
කෙල්ලත් මුට දෙවෙනි නෑ.. දැන් දෙන්න එක්ක බර කයියක් ගහගෙන යනවලු...
හික්කඩුව හරියෙදි බුවෙක් නැග්ගලු බස් එකට.. නැගල කුක්ක ඉන්න තැනට ඇවිත් කුක්කට කියනවලු මෙහෙම..
"මල්ලි.. මට ඔය සීට් එක දෙනවද?"...
කුක්කාගේ මල පැන්නලු එකසිය ගානට.. කුක්කට වඩා ප්‍රශ්නේ අහපු බුවා පතරංග දේහ දාරි උනත්..කෙල්ල ඉස්සරහ නම්බුව රෙද්ද පල්ලෙන් යවාගන්න බැරි නිසා කිව්වලු මෙහෙම..
"එහෙම කොහොමද මම ඔයාට සීට් එක දෙන්නේ මේ අපි සල්ලි දීල බස් වල යන්නේ..මේක හරි වැඩක් නෙ.."
අපේ විරය එතනින් නැවතුනේ නැත.. කෙල්ල දිහාට හැරිලා කිව්වලු...
"බලන්න මෙයා මේ කවුරු කියල හිතාගෙනද මගෙන් සීට් එක ඉල්ලන්නේ නේද??" කියල...
කෙල්ල කුක්කට කිව්වලු මෙහෙම...
"අනේ අය්යේ.. තරහ නැතුව එයාට සීට් එක දෙනවද?..එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්"
කුක්කාගේ සද්ද ඔක්කොම ඒ ගහපු කනේ පාරෙන් ඉවරයි ලු.. ලැජ්ජාව පැත්තක තියල ඊළඟ හෝල්ට් එකෙන් බැහැල වෙන බස් එකක ගාලු ගිය ලු.. හික් හික්..
----
ප.ලි. : කුක්කත් බ්ලොග් එකක් පටන් ගන්න යනවා කියල අද මට කිව්ව.. මම හිතන්නේ මම මිනිහ කන නිසා මිනිහටත් මාව කන්න ආස හිතෙන්න ඇති..
අයිෆ - 2
සති අන්ත නිවාඩුවට ගෙදර ගිහින් අද තමයි ආවෙ... කෝච්චියේදී මගේ හොඳ යාලුවෙක් හම්බුනා..
මිනිහගේ අක්ක මීඩියා වලට සම්බන්ද කෙනෙක්... ඉතින් අක්කට අයිෆ යන්න චාන්ස් එකක් සෙට් වෙලා..
ඉතින් අපේ මෑන්ටත් කොහොම හරි අක්කගේ මාර්ගයෙන් අයිෆ බලන්න යන්න පුළුවන් වෙලා..
අපේ මෑන් ඉඳල තියෙන්නෙත් සම්මාන ගන්න නළු නිලියෝ යන තැන ළඟ.. ඉතින් ඔක්කොම කට්ටිය දැකගන්න පුළුවන් වෙලා..
මට නම් ඉරිසියාවේ බෑ මිනිහ කතාව කියනකොට...
ගත්ත පින්තුර, වීඩියෝ එහෙමත් පෙන්නුවා.. වැඩේ නම් කියන්න බැරිතරම් ලස්සනට තිබුනලු..
මිනිහ හිතාගෙන ගිහින් තියෙන්නේ ලංකාවේ නිසා කලින් උළෙලවල් තරම් ලස්සනට නැතුව ඇති කියල..
එත් හිතාගන්න බැරි තරම් ලස්සනට වැඩේ කරලා තිබුනලු..
සන්තෝසයි..
ප.ලි.: මිනිහගෙන් ඉල්ලගෙන ෆොටෝස් ටිකක් පස්සේ දාන්නම්කො..
Subscribe to:
Posts (Atom)










