Wednesday, June 9, 2010

පොත් ගැන වැඩි විස්තරේ...


කලින් දාපු පොත් ගැන විස්තරේ කියද්දී මම කිව්වනේ පොත් ගැන වැඩි විස්තරයක් පස්සේ දාන්නම් කියල..
අද මම පොත් 4 ගැන පොඩි විස්තරයක් දාන්න හිතුව..

මුලින්ම බලමු One Night @ The Call Center පොත..

මේකේ කතාව දිවෙන්නේ කෝල් සෙන්ටර් එකක වැඩ කරන කීප දෙනෙක් ගැන... වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්න මේ කට්ටිය කොහොම හරි තමන්ගේ රැකියාවෙන් ඉදිරියට යන්න බලන අය..

හැබැයි මෙයාලගේ ආයතනයේ ප්‍රධානියා නම් කොහෙත්ම වෙන කෙනෙක් ඉස්සරහට එනවා බලන් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.. (කුහක කියන්නේ..අන්න ඒ වගේ කෙනෙක්..). කතාවේ කතා නායකයාගේ නම ශ්‍යාම්..
එක දවසක් රෑ මේ කෝල් සෙන්ටර් එකේ වෙන සිද්දි දාමයක් තමයි මේ කතාවේ තියෙන්නේ..
අන්තිමට මෙයාලට දෙවියන්ගෙන් කෝල් එකකුත් එනවා.. හරිම ලස්සන කතාව..

දැන් මම කියන්නම් "5 Point Someone" පොත ගැන.. කලින් කිව්වා වගේ මේ පොත අනුසාරයෙන් තමයි "3 Idiots" චිත්‍රපටිය හැදුවේ..

ඉන්දියාවේ තියෙන ජනප්‍රියම ඉංජිනේරුවන් බිහි කරන ආයතනය තමයි "IIT (Indian Institute of Technology) " කියන්නේ... මේ ආයතනයට තේරෙන්න එසේ මෙසේ අයට නම් බෑ..
සීමිත ප්‍රමාණයක් විතරක් තෝරාගන්න මේ ආයතනයට ළමයි බන්දවගන්නේ තරඟ විභාගයක් තියල.. එකෙන් පාස් උනාමයි කියමුකෝ.. ඊට හපන් මේකේ ඇතුලේ විභාග..
මේ ආයතනයට තේරෙන ළමයි තුන් දෙනෙක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ.. එයාලට මේ ආයතනයේදී සිද්ධ වෙන දේවල් ගැන තායි මේ කතාව ලියල තියෙන්නේ....

අනිත් පොත තමයි " The Three Mistakes of My Life."
මේකෙත් ඉන්නේ යාලුවෝ තුන් දෙනෙක්.. ප්‍රධාන චරිතය තමයි "ඕමි".. ඕමි තමන්ගේ ජීවිතේ තමන්ට වැරදුන කියල හිතන දේවල් තුනක් තමයි මේ කතාවට මුල් වෙලා තියෙන්නේ.. ඉන්දියාවේ තියෙන මුස්ලිම් - හින්දු ගැටුම් ගැන, ක්‍රිකට් ගැන,  මේ පොතේ ලස්සනට ලියල තියෙනවා..

අනිත් පොත් තමයි "2 States - Story of my Marriage"
මේ පොතේ කතාව මේ ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් ලියපු කතාවක්.. මේ පොතේ තියෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක (දිල්ලි සහ තමිල්නාඩු)  ජීවත් වෙන පිරිම ළමයෙක් සහ ගැහැණු ළමයෙක් ගේ ආදර කතාවක්.. මේ දෙන්නට ගෙදරින් ඇතිවන ප්‍රශ්න, සමාජයෙන් වෙන ප්‍රශ්න ගැන ලස්සනට ලියල තියෙනවා...

මේ කතුවරයාගේ තියෙන දක්ෂ කම විදියට මම දකින්නේ.. මෙය ලියන දේවල් රස දැනෙන්න ලියනවා.. (මම වගේ නෙවෙයි.. :D )
ලස්සන උපමා යොදන්න ඕන තැන වලට හරිම ලස්සනට දාල ලියනවා.. එකයි මෙයාගේ පොත් මෙච්චර ලස්සන වෙන්න හේතුව..

එහෙනම් අදට මෙච්චරයි.. පස්සේ හම්බෙමු...

ප:ලි: - කලින් කතාවේ ප.ලි. මයි :D

2 comments:

  1. ලින්ක් එකක් දාමුද අපිටත් බාගන්න? :)

    ReplyDelete
  2. දැම්ම.. කලින් පෝස්ට් එකේ :)

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails