Friday, June 4, 2010

කුක්කාගේ වැඩ... - 2


මතක ඇතිනේ මම ඊයේ කුක්කා කරපු එක වැඩක් ගැන කිව්වා...
ඔන්න අද තව එකක් කියන්න යන්නේ..

දන්නවනේ කුක්ක අන්ඩය කියල.. දවසක් කුක්ක 4 වසරේදී මිනිහගේ පන්තියේ හිටපු තව බුවෙකුට නවතින්නේ නැතුවම හචිස් යන්න පටන් ගත්තලු ..

දන්නවනේ හචිස්.. කිවිසුම් කියල කියන්නෙ.. අන්න ඒවා!

කුක්ක ට ඉතින් මේ වගේ දේවල් බලන් ඉඳල පුරුද්දක් නෑ නේ.. කිවිසුම් යන බුවාට කිව්වලු මෙහෙම..

"මචන් ඔය හචිස් යන එක නවත්තන්න පුළුවන් විදියක් තියෙනවා.. කට ඇතුලට වතුර පුරවාගෙන නහයයි කටයි තදට  වහගෙන ඉන්න.."

අනේ ඉතින් අපේ කුක්ක කියන දේ හැමෝම ඉහ මුදුනින් පිළිගන්න නිසා, හචිස් බුවත් කියපු විදියටම කලාලු..

පස්සේ උන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. නේද?

මේ සිද්දිය නිසා නම් කුක්ක ගේ අම්මයි තාත්තයිත් ඉස්කෝලෙට ගෙන්නුවා කියල ආරංචි.. හෙහෙ ...

2 comments:

  1. කුක්කා පංතියේ හැම එකාටම අංචි ඇද්දා මිසක් කුක්කාට වුණු ඇබැද්දි එහෙම මොකවත් නැත්ද ?

    ReplyDelete
  2. තියෙනවා තියෙනවා.. :D :D ඒවත් ළඟදීම දාන්නම්කො..:)

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails