Monday, June 14, 2010

මචන් *** ගියාද?


අද කෝච්චියේ අවේ.. මොකද මන්ද කවදාවත් නැතුව අම්බානෙකට සෙනග.. මොනවා උනත් බස් එකේ නුගේගොඩ පැත්තට එනවට වඩා කෝච්චියේ එන එක දාහෙන් සම්පතයි..

නාරාහේන්පිට ඉඳන් විනාඩි 20 නෙ යන්නේ උඩහමුල්ල ට... (මම බෝඩ් වෙලා ඉන්නේ උඩහමුල්ලේ නෙ ... ඒ කියන්නේ නුගේගොඩට දුම්රිය පොළ වල දෙකක් මහරගම පැත්තට වෙන්න)
කෝච්චියේ එන කොට මතක් උනා ඉස්කෝලේ කලේ සිද්ද වෙච්ච කතාවක්.. ඒක බ්ලොග් එකට එකතු කරන්න හිතුන..



------
අපි ඒ ලෙවල් ද මොකක්ද එකක් කලා නෙ.. (හීනෙන් වගේ මතකයි එහෙම එකක්) ඔන්න ඔය කලේ තමයි මේ සිද්දිය උනේ.. මේක උනේ නම් වාණිජ පන්තියක (මම කලේ මැත්ස් ද කොහේ... ෆෝ යුව ඉන්ෆොමේෂන්)....

අපේ වාණිජ පන්ති දෙකක් තිබුන..දෙකම එක ළඟ....එක බිත්තියෙන් වෙන් වෙලා තමයි තිබුනේ..
එක පන්තියක හිටිය චමල්ක කියල ජොකියෙක්.. කියල වැඩක් නෑ නියම පිස්සු බුලට් එක..

එදා මේ පන්ති දෙකේම පන්ති බාර ගුරුවරු ඇවිල්ල ඉඳල නෑ.. දන්නවනේ ඉතින් එහෙම වෙලාවට පන්ති වල තත්වේ..

ඔන්න ඉතින් පන්ති දෙකේ සද්දෙ උප-විදුහල්පති කාමරයටත් ඇහෙනවලු.. ඒ කාලෙ හිටපු උප විදුහල්පති තුමාට අපේ ළමයි නමක් දාල තිබුන..  මම ඒ නම  ප්‍රසිද්ධියේ දාන්න කැමති නෑ මොකද එක සදාචාරාත්මක නැති නිසා...

ඉතින් සර් සද්දෙ ඇහිලා ගියාලු චමල්කගේ පන්තියට මුලින්ම.. ගිහිල්ල සද්දයක් එහෙම දාල.. යන්න ගියා ලු..

චමල්ක ඉතින් පිස්සු බුවා නෙ (අපිත් එහෙම තමයි ඉතින්.. හැබැයි බුවා අපිට වඩා ආතල් දෙනවා.. පට්ට ආතල් දෙන්නේ)  මිනිහ සර් ගියා විතරයි දොරෙන් ඔලුව දැම්මලු..

එහා පන්තියේ එකෙක් ඒ පන්තියේ උළුවස්සට හේත්තු වෙලා තමන්ගේ (බුවාගේම)  පන්තිය දිහා බලන් ඉන්නවලු..

ඒ කියන්නේ දැන් චමල්කට පෙන්නේ මිනිහගේ පශ්චාත් බාගය විතරයි.. චමල්ක කෙලින්ම බුවා ගාවට ගිහින් කරට අත දාල මිනිහගේ මූන වත් බලන්නේ නැතුව මෙහෙම ඇහුවලු..

"මචන් *** ගියාද?"
(මේ තරු වලින් තියෙන්නේ අර ළමයි උප විදුහල්පති තුමාට කියන නම..වෙන  කුනුහබ්බයක් නෙවෙයි..)

ඔහොම කියල පන්තියේ ළමයි දිහා බලන් හිටියලු.. ළමයි බිරන්තට්ටු වෙලා චමල්කය දිහා බලන් ඉන්නවලු..
බුවා ට තෙරුනලු කොතන හරි පොඩි කොස්සක් තියෙනවා කියල..

ශේප් එකේ කරට අතදාගත්ත එකා දිහා බැලුවාලු.. 

හුටා!!!  මල හූනියමයි.. බැලින්නන් මූ අපේ උප සර් ගේ කරට අතදාගෙන තමයි අර කතාව කියල තියෙන්නේ...

ඒ සර් ඒ කාලෙ ඇන්දේ සුදු කලිසමයි සුදු ෂර්ට් එකයි.. සර් ටිකක් විතර කොටයි.. ඉතින් ළමයෙක් කියල වරදින එක අහන්න දෙයක් යැ!!!!

15 comments:

  1. කෙලියා හුටා!

    ReplyDelete
  2. හුට්ටප්පර දෙකෝටියයි......
    සර් මහා ආදරෙන් පුතාගේ කන එහෙම අතගාන්න ඇති......... :P :P :P :P

    (එක දිගට පරණ ලිපි ඔක්කොම කියෙව්ව..... ඔක්කොම ලස්සනයි... දිගටම ලියන්න......)

    ReplyDelete
  3. එහෙම කියපු එකා තවම ජීවතුන් අතරද? ;)

    ReplyDelete
  4. @හා පැටික්කි : නෑ.. එහෙම වෙලා නෑ.. මොකද ඒ සර් ළමයින්ට ගහන බනින කෙනෙක් නෙවෙයි.. බොහොම හොඳ කෙනෙක්.. එකයි මම අර "නම" දැම්මෙත් නැත්තේ..
    සර් හිනා වෙලා යන්න ගිහිල්ල...
    බොහොම ස්තුති කමෙන්ටුවට... දිගටම ලියනවා.. බලන්නකෝ ඔක්කොම.. :)

    @ගයන්ත: ඔව් මචන්.. සර් හොඳ නිසා බුවා බේරුනා..

    ReplyDelete
  5. කොල්ලට මෙහෙම කවියක් මතක් වෙන්න ඇති..........

    "මා වැනි අයියලා
    වර වර ලඟට කැන්දා
    කන් අත ගාන්නා
    මෙවන් ගුරුවරු වෙන කොයින්දා" කියලා

    ReplyDelete
  6. හෙහ්හෙ... සර් හොද හින්දා හොදයි නේද.. නෑත්නම් ඉතින් සොරි ම තමා,, :D

    ReplyDelete
  7. සර් හොඳ නිසා හොඳයි!!!නැත්තං සොරි තමයි!!!

    ReplyDelete
  8. මැක්සා කොල්ලෝ සිරා මටත් ඔහොම එකක් සෙට් උනා 11 වසරෙදි.. අපෙ VP මට පිටිපස්සෙ, මම හෙන හයියෙන් ඌ ගියාද කියල ඇහුවා.. අම්මෝ ඒ එක්කම සර්ව දැකල දිව්ව දිවිල්ල මට තාම මතකයි...!! ඇඩෙනවා ඒව මතක් වෙනකොට....හික් හික්...!!

    ReplyDelete
  9. මරු වැඩේ සර් හොඳ නිසා බේරුනා..

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. @ හසිත: පට්ට කවිය! :)

    @ හිතුවක්කාර සිත & @ හසී : ඔව් ඔව්.. :D :D

    @ මහසෝනා : නෑ!! ඇඩෙනවා එහෙම එකක් උනාම නේ.. බයටත් වඩා ලැජ්ජාව !!

    @ තරියා : එල මම ඇඩ් කරගන්නම්..

    ReplyDelete
  13. හපොයි.... මටත් මතක් උනා අපේ එකෙක්ට උන සිද්දියක්.. දාන්න ඕනි ලියලා වෙලාවාක.. සර් හොද නිස ගොඩ.

    ReplyDelete
  14. පට්ට ආතල් බුවෙක් නෙ .. හික් හික්

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails