Monday, June 7, 2010

කුක්කාගේ ගාලු ගමන..

හසිත අය්යා (අයියද මල්ලිද දන්නේ නෑ.. අය්යා කිව්වට තරහ ගන්න එපා :D ) දවසක් මගෙන් අහල තිබුන අපේ කුක්කා පංතියේ හැම එකාටම අංචි ඇද්දා මිසක් කුක්කාට වුණු ඇබැද්දි එහෙම මොකවත් නැත්ද කියල..

ඔන්න මම අද කුක්කට වෙච්චි ඇබැද්දියක් ගැන කියන්න යන්නේ...

අපි අම්බලන්ගොඩ නේ.. කුක්ක දවසක් ගාල්ලට යන්න හිතගෙන අම්බලන්ගොඩින් නැග්ගලු බස් එකකට..
නගින තැනම තිබුන සීට් එකේ ලස්සන ගෑනු පරානයක් වාඩි වෙලා ඉන්නවලු.. පරානයක් කියන්නේ මේ වයස 20 විතර වෙන ළමයෙක්..

වාඩිවෙන්න සීට් ඕන තරම් තිබුනත්.. අපේ කුක්ක ටිකක් මනමාලය නිසා අර ළමය ලඟින්ම වාඩි උනා ලු ....

දැන් ළමය ඉන්නේ ජනේලේ පැත්තේ කොනේ.. කුක්ක එහා පැත්තේ..

කුක්ක ඉතින් ලජ්ජා බය ඇතුව හැදිච්ච ළමයනේ.. අනේ ඉතින් අර ගෑනු ළමය එක්ක පටන් ගත්තලු කතාවක්..
කෙල්ලත් මුට දෙවෙනි නෑ.. දැන් දෙන්න එක්ක බර කයියක් ගහගෙන යනවලු...

හික්කඩුව හරියෙදි බුවෙක් නැග්ගලු බස් එකට.. නැගල කුක්ක ඉන්න තැනට ඇවිත් කුක්කට කියනවලු මෙහෙම..

"මල්ලි.. මට ඔය සීට් එක දෙනවද?"...

කුක්කාගේ මල පැන්නලු එකසිය ගානට.. කුක්කට වඩා ප්‍රශ්නේ අහපු බුවා  පතරංග දේහ දාරි උනත්..කෙල්ල ඉස්සරහ නම්බුව රෙද්ද පල්ලෙන් යවාගන්න බැරි නිසා කිව්වලු මෙහෙම..

 "එහෙම කොහොමද මම ඔයාට සීට් එක දෙන්නේ මේ අපි සල්ලි දීල බස් වල යන්නේ..මේක හරි වැඩක් නෙ.."

අපේ විරය එතනින් නැවතුනේ නැත.. කෙල්ල දිහාට හැරිලා කිව්වලු...
"බලන්න මෙයා මේ කවුරු කියල හිතාගෙනද මගෙන් සීට් එක ඉල්ලන්නේ නේද??" කියල...

කෙල්ල කුක්කට කිව්වලු මෙහෙම...
"අනේ අය්යේ.. තරහ නැතුව එයාට සීට් එක දෙනවද?..එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්"

කුක්කාගේ සද්ද ඔක්කොම ඒ ගහපු කනේ පාරෙන් ඉවරයි ලු.. ලැජ්ජාව පැත්තක තියල ඊළඟ හෝල්ට් එකෙන් බැහැල වෙන බස් එකක ගාලු ගිය ලු.. හික් හික්..
----
ප.ලි. : කුක්කත් බ්ලොග් එකක් පටන් ගන්න යනවා කියල අද මට කිව්ව.. මම හිතන්නේ මම මිනිහ කන නිසා මිනිහටත් මාව කන්න ආස හිතෙන්න ඇති..

7 comments:

  1. "හසිත අය්යා (අයියද මල්ලිද දන්නේ නෑ.. අය්යා කිව්වට තරහ ගන්න එපා :D ) දවසක් මගෙන් අහල තිබුන අපේ කුක්කා පංතියේ හැම එකාටම අංචි ඇද්දා මිසක් කුක්කාට වුණු ඇබැද්දි එහෙම මොකවත් නැත්ද කියල.."

    අපේ අම්බලන්ගොඩයා [අමනාපයක් නැහැනේ එහෙම කිව්වාට] මාවත් මතක් කරලා තියෙන්නේ :) කුක්කට අන්තිමට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති. අයියෝ :)

    ලාංකීය සිතුවිලි සින්ඩියේ ඔයා නැද්ද ? මම හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ ලාංකීය සිතුවිලි. ඒකේ නිතරම update වීමක් තියෙන නිසා. මට ඔයාගේ posts කීපයක්ම අතපසු වෙලා තියෙනවා ඕක නිසා

    ReplyDelete
  2. හපෝ තරහ නෑ.. අම්බලන්ගොඩය කියන්නේ අපේ අයිඩෙන්ටිටි එක.. හෙහෙ..

    මම මේකට අලුත් නිසා මම වැඩිය දන්නේ නෑ.. ඉන්න මම හොයල එකට එකතු වෙන්නම්...

    ReplyDelete
  3. Lankeeya Sithuwili

    http://blog.inetlanka.com/

    ReplyDelete
  4. බොහොම ස්තුතියි... මම රික්වෙස්ට් එකක් දැම්ම.. :)

    ReplyDelete
  5. හික් හික් ... මට එහෙම ඔහොම දෙයක් උනානම් ජනේලෙන් පනිනව ...

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails